කොවිඩ් - 19 වෛරස් රෝග පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධවයි

Covid 19
කොරෝනා රෝග පාලනයට හා සමාජ සම්බන්ධීකරණ කටයුතු සඳහා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

  1. රජයේ සායන මඟින් නිකුත් කරන ඖෂධ හා වසම් වල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා ‍වසම් භාර ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් මඟින් නිවෙස් වලට සපයා දීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ පිළිබඳව ජංගම ප්‍රචාරක රථයක් මඟින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන ලදී.
  2. කොට්ඨාශයේ ජනතාව සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සමුපකාරය මඟින් ජංගම සේවා ආරම්භ කර තිබීම හා සුපිරි වෙළඳසැල් මඟින් online ක්‍රමයට භාණ්ඩ නිවෙස් වලට ම සපයා දීම
  3. .අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනිම සඳහා වසම් වල පවතින කුඩා පරිමාණ වෙලඳසැලක් ගම්මානයකට එක බැගින් විවෘත කිරීම හා ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ග්‍රාම නිලධාරී මඟින් අධීක්ෂණ කටයුතු කිරීම
  4. .වසම් වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව වසම් වලට සපයා දීමට කටයුතු සංවිධානය කිරීම.
  5. ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු සංවිධානය කිරීම.
  6. අසරණභාවයට පත්ව ඇති පවුල් සඳහා ලැබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් බෙදා හැරීම.
  7. වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අදාල තොරතුරු හා කාර්යාලය හරහා ජනතාව වෙත ලබාදෙන සහන සේවා තොරතුරු පිළිබඳ වෙබ් අඩවියේ පල කිරීම.
  8. ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සැපයීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැය 24 ම විවෘතව තැබීම.

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top