අපගේ දැක්ම

"මහජන කේන්ද්‍රීය කාර්යක්ෂම හා තෘප්තිමත් රාජ්‍ය සේවයක්".

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්ති හා නීතිරිතී වගට යටත්ව කාර්යක්ෂම, ඵලදායි හා විශ්සවානීය සේවාවක් සපයමින් තෘප්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවීම"

හැදින්වීම

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල, බිංගිරිය, වාරියපොල, කටුපොත, නක්කාවත්ත, පන්නල, උඩුබද්දාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. ඒ අනුව උතුරින් හෙට්ටිපොල හා වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් දකුණින් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් බටහිරින් උඩුබද්දාව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් වේ.


මෙම කොට්ඨාශයේ විශාලත්වය වර්ග කි.මී.160.24 ක් වන අතර, මුළු භූමි ප්‍රදේශය හෙක්ටයාර 16000ක් පමණ වේ. මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 68කින් සමන්විත අතර, ගම් 154කින් යුක්ත වේ. කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශය තුල කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙම කොට්ඨාශයේ පරිපාලනමය කටයුතු පහසු කිරීම සදහා පළාත් පාලන බල ප්‍රදේශ 02කට බෙදා ඇත.


1. කුලියාපිටිය නගර සභාව

2. කුලියාපිටිය ප්‍රාදේශීය සභාව



කුලියාපිටිය ප්‍රාදේශීය සභාව දීගල්ල හා මුරුතැන්ගේ යන උප කාර්යාල 02කින් යුක්ත වේ. ප්‍රධාන නගරය කුලියාපිටිය වන අතර, මීගහකොටුව හා කිතලව සංවර්ධනය වන නගර වේ.


මෙම කොට්ඨාශයේ මුළු ජනගහනය 84923 කි. ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියන මෙම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වේ. ඊට අමතරව කුඹල් කර්මාන්තය, වඩු කර්මානතය, කොහු කර්මාන්තය, කළුගල් කර්මාන්තය, සත්ව පාලනය, කජු ව්‍යාපාරය වැනි කර්මාන්ත වල බොහෝ දෙනා නිරත වේ.


මෙම ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම උසස් තත්වයක පවතින අතර, වයඹ විශ්ව විද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රය හා කුලියාපිටිය කාර්මික විද්‍යාලය මෙම කොට්ඨාශය තුල පිහිටා තිබීම සුවිශේෂ ලක්ෂණයකි. තවද ගොවිජන සේවා බලප්‍රදේශ 04ක් ඇතුලත් වන අතර, කලාප අධ්‍යාපන කාර්යාලය, මූලික රෝහල, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අධිකරණ සංකීර්ණය, ජේ්‍යස්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, පොලීසිය, ඉංජිනේරු කාර්යාලය, කම්කරු කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක කාර්යාලය, සියළුම රාජ්‍ය හා පුද්ගලික බැංකු, රක්ෂණ සමාගම් ස්ථානගතවීම කොට්ඨාශයට සම්පතකි. කොට්ඨාශය තුල මධ්‍යම පරිමාණ කර්මාන්ත රාශියක් ඇති අතර, මහා පරිමාණ කර්මාන්තයක් වශයෙන් ස්ලිම් ටෙක්ස් ආයතනය හැදින්වීමට හැකිවේ.


ඓතිහාසික තොරතුරු


පැරණි ජනප්‍රවාදවලට අනුව කුළු හරකකු මුල් කරගෙන කුලා ආ පිටිය කුලියාපිටිය වූවා යැයි පැවසේ.මෙම කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම සලකා බැලීමේදී ප්‍රධාන කෝරල 04කින් සමන්විත අතර යටිකහ දකුණු කෝරලය, යටිකහ උතුරු කෝරලය, කටුගම්පල උතුරු කෝරලය හා මයුරාවතී කෝරලයේ කොටසක් ද වේ.


ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ සිට ලක්දිව එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ වාරි කර්මාන්තයට අයත් වැව් 76ක් පමණ මෙම කොට්ඨාශය තුල පිහිටා ඇත.මීට අමතරව ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධස්ථාන ලෙස කබලෑ දෙවිදුන්ගෙන් පැවත එන කබලෑ දේවාලය, ඇඹව කබලෑ ශෛල බිම්බාරාමය, යාකරවත්ත පත්තිනි දේවාලය, පල්ලෙවෙල මලල බණ්ඩාර දෙවොල, දණ්ඩගමුව සුදර්ශනාරාමය, කෝන්ගහගෙදර ටැම්පිට විහාරය, ලයනේගම ටැම්පිට විහාරය, ඇන්නරුව රජමහා විහාරය හැදින්විය හැකිය.

සේවය කළ ප්‍රාදේශීය ‌ලේකම්වවරු

    කාලය තනතුර නම
1900-1923 අධිකාරම් ලෝරන්ස් නුගවෙල මයා
1927-1940 රටේ මහත්තයා වින්සන්ට් නුගවෙල මයා
1940-1943 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ආර්.බී.රැකව මයා
1943-1946 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ආර්.බී.රත්නායක මයා
1946-1946 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත හින්ටන් අබේගුණසේකර මයා
1946-1948 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ඒ.සෙනෙවිරත්න බංඩා මයා
1948-1952 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ඊ.එම්.අබේරත්න මයා
1952-1957 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ඒ.මාදන මයා
1957-1961 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ආර්.බී.අළුවිහාරේ මයා
1961-1965 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත කේ.එම්.විජේරත්න මයා
1965-1969 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත එම්.එස්.තෙන්නකෝන් මයා
1969-1970 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ඩබ්.ඒ.වනිගරත්න මයා
 1969-1970 අතිරේක ප්‍රාදේශීය ආදායම් නිලධාරී ලලිත් හෙට්ටිආරච්චි මයා
1970-1976 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත මහින්ද ගම්මන්පිල මයා
1976-1986 ප්‍රාදේශීය ආණ්ඩුවේ නියෝජිත ජී.ඩබ්.ජී.අබේරත්න මයා
1987-1990 ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ.බී.පී.රූපසිංහ මයා
1990-1995 ප්‍රාදේශීය ලේකම් එච්.එම්.මෙත්තානන්ද නිලමේ මයා
1995-2005 ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ.බී.පී.රූපසිංහ මයා
2005-2006 ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඊ.ජයතිලක මයා
2006-2009 ප්‍රාදේශීය ලේකම් ඒ.ඩී.අමරසිරි මයා
2009-2017 ප්‍රාදේශීය ලේකම් එන් එම් ජේ ප්‍රනාන්දු මිය
2017-2020 ප්‍රාදේශීය ලේකම් ජී.පී.එස්.ජේ. ද සොයිසා මයා
2020-2025 ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.ඒ.කේ.දිසානායක මයා
2025 ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස්.ඩබ්.බණ්ඩාර මයා

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top