වර්ෂ 2026 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 05 කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 6044 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 416 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

අනිවාර්ය ඉතිරි කිරීම්:

ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කරන අතර මුදල් ලබා ගැනීම සදහා පහත නිර්ණායක එකක්  හෝ    සම්පූර්ණ වී තිබිය යුතුය.

  • අවුරුදු 70 සම්පූර්ණ වීම
  • දරුවකු විශ්ව විද්‍යාල අධ්‍යපනය ලැබීම
  • විශේෂිත රෝගයකින් පෙළීම (වකුගඩු, පිළිකා, ශෛල්‍යකර්ම)

ii  සමාජ ආරක්ෂණය:

සහනාධාර ලබමින් සිට අහිමි වූ පවුල් වල අ.පො.ස උසස්පෙළ හදාරණ සිසුන් සඳහා මසකට රුපියල් 3000 බැගින් වසර දෙකක් ශිෂ්‍යත්ව ආධාර ගෙවීම.

ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්

භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගන්නා ලද පවුල් සවිබල ගැන්වීම සදහා ආපසු අය නොකරන උපරිමය රු. 45000 කට යටත්ව උපකරණ, භාණ්ඩ, ද්‍රව්‍ය, සතුන්,ගොඩනැගිලි සදහා උපකරණ ලබාදීම සිදුකරයි.

  • සමෘද්ධි බැංකු මගින් ජීවනෝපාය චක්‍රිය ණය ලබාදීම(උපරිමය 500,000 පොළිය 12%)
  • සමෘද්ධි බැංකු මගින් ජීවනෝපාය සංවර්ධන ණය ලබා දීම(උපරිමය 500,000 - පොළිය 12%)

සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන්

මැයි 31 දින මත්ද්‍රව්‍ය නිවාරණ කොඩි අරමුදල ගොඩනැගීම

මෙම අරමුදල මගින් පහත වැඩසටහන් සිදු කරනු ලබයි.

  • අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ඉදිකිරීම
  • මත් නිවාරණ වැඩසටහන්
  • නිවාස අළුත්වැඩියා කිරීම
  • වැසිකිළි පහසුකම් දියුණු කිරීම
  • පාසල් උපකරණ ලබාදීම

ඉහත වැඩසටහන් වලට අමතරව දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මූල්‍ය ප්‍රතිපාදන මත පහත වැඩසටහන්ද ක්‍රියාවට නැංවේ.

  1. උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  2. සමෘද්ධි ළමා සමාජ පිහිටුවීම, තරග පැවැත්වීම හා එම තරගකරුවන් ජාතික මට්ටම කරා රැගෙන යාම, ළමා නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  3. හරිත උයන වන සංරක්ෂණ වැඩසටහන් පැවැත්වීම
  4. දිරිය පියස නිවාස වැඩසටහන්
  5. ළමා සමාජ පුස්තකාල සංවර්ධන වැඩසටහන්

.

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top